ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක‍්‍රමිකතා සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනපතිට

Share

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද(02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා ඇත.

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ සෙසු සාමාජිකයෝ ද මීට එක්ව සිටියහ.

2006 වසරේ ජනවාරි මස 01 වැනි දා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා වූ මෙම කොමිසම 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

Read more

Local News