ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද රයිගම් සල්පිට කෝරලද්වයේ උප ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ(04) පස්වරුවේ මහනුවර, මල්වතු විහාරයීය ශ‍්‍රී පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.
1961 වසරේ මතුගම දී පැවිදි දිවියට එළඹී උන්වහන්සේ අඩසියවසක් ඉක්මවා ගෙවු භික්ෂු දිවිය තුළ වාද්දුව ප‍්‍රදේශයට පමණක් නොව සමස්ත දේශයටත්, විදෙස් ධර්මදූත සේවයේ යෙදෙමින් ජාත්‍යන්තර බුදු සසුනටත් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.
ලාංකේය බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ මෙහෙවර අතර, වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථානය ගොඩනැගීම, සිරි මහමිහිඳු පිරිවෙන ආරම්භ කර පවත්වාගෙන යාම, පැවිදි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පනස් නමක් ශාසනයට දායාද කිරීම ඇතුළුව වාද්දුව ප‍්‍රදේශයේ බෞද්ධ ආගමික ප‍්‍රබෝධය වෙනුවෙන් සිදුකළ සේවාවන් රැසකි.
ධර්මවිජය ව්‍යාපාරයේ අනුශාසක, ධර්මපාල මහා විද්‍යාලයේ විශ‍්‍රාමලත් විදුහල්පති, සීවලි දහම් පාසල නිර්මාතෘ අනුශාසක සහ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ආදි තනතුර දරමින් උන්වහන්සේ විශිෂ්ට ආගමික සහ සමාජීය මෙහෙවරක නිරතව සිටී.
ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහා නායක ස්වාමින් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.
අනතුරුව මහානායක ස්වාමින් වහන්සේ පෙරටු කොටගත් පෙරහැරෙන් පිරිස මංගල උපෝසථාගාරය වෙත පැමිණියහ.
අභිනව ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍රය පිළිගැන්වීම මල්වතු මහානායක හිමිපාණන් වහන්සේ අතින් සිදු වූහ.



