Home දේශීය පුවත් වැසිකිලි වලක් තුළ තිබී ජීව උණ්ඩ තොගයන් සොයා ගැනේ

වැසිකිලි වලක් තුළ තිබී ජීව උණ්ඩ තොගයන් සොයා ගැනේ

0
වැසිකිලි වලක් තුළ තිබී ජීව උණ්ඩ තොගයන් සොයා ගැනේ

හම්බන්තොට‍, ආලෝකපුර ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක් තුළ තිබී ජීව උණ්ඩ තොගයන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.

හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කාර්යාලයට ලද තොරතුරකට අනුව ඊයේ(04) මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

වැසිකිලි වලේ තිබී බොර 12 වර්ගයේ හිස් පතරොම් කොපු 53ක්, අඩක් පුරවන ලද බෝර 12 වර්ගයේ පතරොම් 06ක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 02ක්, 7.62×54 වර්ගයේ ජීව උණ්ඩ 04ක්, 7.62×54 වර්ගයේ ජීව උණ්ඩ රඳවන ගාන්චු කැපලි 01ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

හම්බන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්ශන විසින් සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here