රට සංවර්ධනය වෙලා තියෙන්නේ දේශපාලනයට අවශ්‍ය ආකාරයටයි

Share

මේ රට සංවර්ධනය වෙලා තිබෙන්නේ රටටවත්, ජනතාවටත් අවශ්‍ය ආකාරයට නොවෙයි. දේශපාලනයට අවශ්‍ය ආකාරයට බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිංහල, දෙමල භාෂා පරිවර්ථක තනතුරු 75 ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“දේශපාලනය කියන්නේ දවසින් දෙකෙන් සියලු ප්‍රශ්න විසදන්න පුළුවන් ක්ෂේත්‍රයක් නොවෙයි. නමුත් ජනතා ගැටලු වලට සවන් දීලා, හැකි අවස්ථාවලදි ලබාදීම තමයි දේශපාලඥයින්ගේ යුතුකම.

අද සන්නිවේදන පහසුකම් සපයන්නන් 75 කට ස්ථිර රැකියා ලැබෙනවා. සිංහල පුද්ගයෙක් අනිවාර්යයෙන් දෙමළ දැනගත යුතු අතර දෙමළ කෙනෙක් සිංහල දැනගත යුතුමයි.

ඒ තුලින් බහුවාර්ගික සමගියක් ඇතිකල හැකියි. අද මේ රැකියා ලබාගත් පිරිසගේ අවම අධ්‍යාපන සුදුසුකම වෙලා තියෙන්නේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ. අන්න ඒ වගේ දේශපාලඥයින්ටත් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි.

ඒ ආකාරයෙන් අපි අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත යුතුයි. නිදහසේ සිට අද දක්වා ආපස්සට හැරිලා බැලුවාම අපට පැහැදිළි වන්නේ මේ රට සංර්ධනය වෙලා තිබෙන්නේ රටටවත්, ජනතවටත් අවශ්‍ය ආකාරයට නොවෙයි.දේශපාලනයට අවශ්‍ය ආකාරයටයි.

මේ රටේ පීඩනයට ලක්වෙලා සිටින ජනතාවට අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අන්තවාදය ප්‍රතික්ෂේප කරලා, හැමදෙනාටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කළ යුතුයි “යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News