දියේ ගිලී තරුණියක් අතුරුදහන්

Share

යටියන්තොට පොලිස් වසමේ මීගහවැල්ල ප්‍රදේශයේ තරුණියක් ඊයේ(07) සවස දියේ ගිලී අතුරුදහන් වී තිබේ.

කැලණි ගඟේ දිය නෑමට ගිය කාන්තාවක් මෙලෙස අනතුරට ලක්ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඇය අතුරුදහන් වු බවට යටියන්තොට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ දියේ ගිලී ඇත්තේ වයස අවුරුදු 18 ක්වු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අතුරුදහන් වු තරුණිය සොයා නාවික මෙහෙයුම් සිදු කරනු ලබන අතර යටියන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News