කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 8.00 දක්වා කාලය තුළ වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මේ අතර හොකන්දර ප්‍රදේශයට හෙට(10) දිනයේ පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩුපීඩනයක් යටතේ ජල සැපයුම සිදුවෙයි.



