Home දේශීය පුවත් උතුරු පළාත් ආණ්ඩුකාර හා යාපනය ආරක්ෂක‍ සේනා ආඥාපති අතර විශේෂ සාකච්ජාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර හා යාපනය ආරක්ෂක‍ සේනා ආඥාපති අතර විශේෂ සාකච්ජාවක්

0
උතුරු පළාත් ආණ්ඩුකාර හා යාපනය ආරක්ෂක‍ සේනා ආඥාපති අතර විශේෂ සාකච්ජාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ(08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

සේවයෙන් ස්ථාන මාරුවීම් ලබා ආරක්ෂක අමාත්‍යාංශය වෙත යාමට නියමිත යාපනය ආඥාපතිවරයා එහිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවි සමුදීම සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්වය යහපත්ව පවත්වාගෙන යාමට යාපනය ආඥාපතිවරයා දැක්වු මෙහෙය වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා වෙත ගෞරවය පිරිනැමීමද සිදුකෙරිණ.

යාපනය ආරක්ෂක තත්වය හා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා කළහ.

දෙපාර්ශවය හමුව සිහිපත් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදුකරනු ලැබීය.

සාකච්ජාව වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එස්.සත්‍යසීලන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here