ලොව ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත් එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණයක් තීරණය කර තිබේ.
ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුපිරි ධනවතෙකු වන ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටී.
ද ෆෝබ්ස් සඟරාව 2009 වසරේදී එල්චාපෝව නම් කර තිබුණේ ලොව 701 වන ධනවතා ලෙසයි.