Home දේශීය පුවත් කුඩාගම ලී වෙළඳසැලක ගින්නක්

කුඩාගම ලී වෙළඳසැලක ගින්නක්

0
කුඩාගම ලී වෙළඳසැලක ගින්නක්

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයේ හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

අද (15) අලුයම 1.00 ට පමණ එම වෙළඳසැලට ඇතුළු වු කිසියම් පිරිසක් විසින් එම ලි වෙළඳසැලේ ගබඩා කර තිබු දැව වලට ගිනි තබා තවත් දැව තොගයකට භුමිතෙල් ඉස ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ලි වෙළඳසැලේ කාර්යයාලයේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියටද හානි කර ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත සටහන් පද්ධතියද රැගෙන ගොස් ඇත.

පැතිර යමින් පැවති ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව පාලනය කිරිමට සමත් වි ඇත.

එම ලි වෙළඳසැලේ අයිතිකරු කියා සිටින්නේ ගිනි තැබිම හේතුවෙන් තමන්ට රු. ලක්ෂ පහක පමණ අලාභයක් සිදු වි ඇති බවත්, මෙම ගිනිතැබිම කිසියම් පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව තමන් සැකකරන බවයි.

ලි වෙළඳසැලේ කාර්යයාලයේ තිබු මුදල් ද සොරාගෙන ඇති බවත්, අයිතිකරු පැවසිය.

ගින්න පිලිබඳව හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here