වෑන් රථයක ගැටී දෙදෙනෙක් මරුට

Share

දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ පොල්ගොල්ල පිරිවෙන අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වෑන් රථයක මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 63 හැවිරිදි සහ 87 හැවිරිදි පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සිදුකළ වෑන් රථ රියදුරු පළායමින් සිටියදී ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News