ළිං කුහරයේ සිරවූ දරුවා පැය 60 කට පසු මිය යයි

Share

ඉකුත් සිකුරාදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටින සුජිත් විල්සන් නැමති අවුරුදු දෙකක පමණ කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇතැයි ඉන්දීය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

දින ගණනාවක අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට ගැනීමට නොහැකි වී තිබේ.

පැය 60 කට අධික කාලයක් මෙම දරුවා ළිඳ තුළ සිරි වී සිටි අතර මෙහෙයුම කණ්ඩායම් අඩි 38 ක් ගැඹුරට සිය කැනීම් සිදු කර තිබුන ද දරුවා අඩි 88 ක් පමණ පමණ ගැඹුරු ස්ථානයක සිර වී සිටි බව වාර්තා වෙයි.

Read more

Local News