වත්මත් ආණ්ඩුවේ අදූර්දර්ශි ක්‍රියා හේතුවෙන් මුලු රටම කඩා වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (29) පස්වරුවේ මොණරාගල පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“ජාත්‍යන්තර ගුවන් තොටුපොළක වී ගබඩා කරා. අදූර්දර්ශි ක්‍රියා කරලා මුලු රටම කඩා වැටුණා. එදා අපි ආරම්භ කරපු ඒ වැඩ ව්‍යාපාර නිසා. එදා විශාල රැකියා ප්‍රමාණයක්. ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින් එදා ඇති වුණා.
නමුත් අපි නැවතත් මේ රට ආරක්ෂා කරන්න, මේ රටේ ආර්ථිකය ගොඩගන්නනට අපි පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා.“ යැයි ද ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



