හංවැල්ල පොලිස් වසමේ දී ලබුගම සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු ගැටී අනතුරක් සිදු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ හංවැල්ල ප්රදේශයේ පදිංචි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.



