නාත්තණ්ඩියේ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

නාත්තන්ඩිය, දංකොටුව මාර්ගයේ කිරිමැටියාන හංදිය අසල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

මෝටර් රථයක් පාපැදියක් තල්ලු කර ගෙන මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලැබු පුද්ගලයා දංකොටුව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News