බදුල්ලේ ව්‍යාපාරික ගොඩනැඟිල්ලක ගින්නක්

Share

බදුල්ල – බදුලුපිටිය පාරේ මංගල මුල් ඇඳුම් ඇතුළු මංගල්‍ය සේවා සපයන ව්‍යාපාරික ගොඩනැඟිල්ලක ඊයේ (31) රාත්‍රීයේ ගින්නක් ඇති වී තිබේ.

මෙම ගින්නෙන් එහි තිබූ උඩරට මංගල මුල් ඇඳුම් සහ සංගීත භාණ්ඩ, පරිගණකයක් ඇතුලු භාණ්ඩද ගින්නෙන් විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

බදුල්ල පොලීසිය හා බදුල්ල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දමා ඇත.

සිදුවු හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුවද අනාවරණය වී නැත.

බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News