වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ තුනේ කණුව ප්‍රදේශයේ දී වනඅලියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
මියගිය වන අලියා අන්ධ අලියෙකු බව ප්‍රදේශයේ ජනතාව පවසන අතර එම අලියාට ඇතැම් පිරිස් විසින් වෙඩි තබා ඇති අතර එම තුවාලද වන අලියාගේ ශරීරයේ දකින්නට ලැබෙන බව වාර්තා වෙයි.
මෙම වන අලියා පසුගිය දිනක පහලවරුනගම ප්‍රදේශයේ වලකටද ඇද වැටී ඇති අතර එහිදී අලියා ගොඩගෙන නැවත වනයට මුදා හැර ඇත.
මෙලෙස මියගිය වන අලියා වසය අවුරුදු 25-30 අතර පසුවන බව වනජීවි නිලධාරීන් පවසා ඇති අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය සහ වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරයි.




