ජයන්තිපුර, දැහැමිගම ගම්මානයේ විහාරස්ථානයක දී විදුලි සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 43 හැවිරිදි දෙදරු පියෙකි.
මේ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ විහාරස්ථානයේ නාන කාමරයේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.




