ජනාධිපති වු පසු මෙරට ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා

Share

තමා ජනාධිපතිධුරයට පත්වූ පසු මෙරට තුළ ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ (31) බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එම ජනරැලිය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මගේ ප්‍රතිවාදියෝ කියනවා මේවා ඡන්ද ගුණ්ඩු කියලා. මේවා ඡන්ද ගුණ්ඩු නෙවේ.. මම මේවා ප්‍රකාශ කරන්නේ හදවතින්ම.

බේරුවල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැණික් කර්මාන්තය දියුණු කරන්න, මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පත් කිරීමේ වගකීම මේ ව්‍යාපාරයේ නිරත වී සිටින ව්‍යාපාරික ප්‍රජාවට ලබා දීලා මැණික් කර්මාන්තය ගොඩ දමන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

ඩිජිටල් විප්ලවය ගැන කතා කරලා වැඩක් නෑ. මේ විප්ලවය හැමෝගෙම ඇස්වලට පේන්න ඕනේ. මේවා තාරුණ්‍යයේ හදවතට දැනෙන්නට ඕනේ. අපි කරනවා කිවුවොත් අපේ පූර්ණ හයිය යොදලා මහපොළොවේ ඒක ක්‍රියාත්මක කරනවා.” යැයි පැවසීය.

Read more

Local News