කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශයක් වන මහඑලිය රක්ෂිතයට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමු ඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කෙසෙල්ගමුඔය හරහා බගවන්තලාව බොගවාන වතුයාය, තේරේසියා වත්ත, කිලානි වත්ත යන වතු යායවල් වලට පිවිසිමට ඇති ප්රධාන මාර්ගයද ජලයෙන් යට වි ඇත.
කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ප්රධාන ගංගාවක් වන කෙසෙල්ගමුඔය බගවන්තලාව මහ එලිය රක්ෂිතයේ සිට ආරම්භ වන අතර, එම ගගේ ජලය කිලෝමිටර් 15 පමණ පහතින් වු කාසල්රි ජලාශයට ගලා බසි.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි වි ඇති නිසා ගඟ දෙපස පදිංචිකරුවන් සැලකිලිමතත්ව සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය ප්රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි විමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වි ඇත.



