අද ජනාධිපතිවරණයේ නිල ඡන්ද බෙදාහැරීමේ විශේෂ දිනයක්

Share

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය ප්‍රකාශයට පත් කර ඇත.

අද දිනය තුළ නිවෙස්වල රැඳී සිටිමින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීම සඳහා සහය පල කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ.

ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 25 වන දින ආරම්භ වූ අතර එය ලබන 09 වන දින අවසන් කිරිමට නියමිතයි.

එම දිනයෙන් පසුව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබු ඡන්ද හිමියන්ට 2018 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළව තැපැල් කාර්යාලය වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

Read more

Local News