ඇමරිකාව සමඟින් ගිවිසුම්වලට එළඹ රට ඇමරිකාවේ මර උගුලක් බවට පත් කර ඇති බව රාජපක්ෂ පාර්ශවය විසින් සඳහන් කළද, එය එසේ නොවන බවත්, ඇමරිකාව සම්බන්ධ කිසිදු ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ මහතා හට කිසිවක් කළ නොහැකි බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
“අපි ගිවිසුම් තුනක් ඇමරිකාව සමඟ අත්සන් කර තිබෙනවලූ. ඇමරිකන් මර උගුලක් ඇති කරලා තියනවා කියලා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සඳහන් කරනවා.
අපි ඇමරිකාව සමඟ එවැනි ගිවිසුමක් අත්සන් කර ඇත්නම්, ඇමරිකාවේ පුරවැසියන් වන මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදර බැසිල් රාජපක්ෂ, ඇමරිකාවේ පුරවැසි ඩඩ්ලි රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ගේ නාමයෙන් ගිවිසුම අහෝසි කරනවා යැයි සඳහන් කරන්න කියා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා.
ඔහුට එසේ කරන්න හැකියාවක් නැහැ. එම්.සි.සී ගිවිසුම කියන්නේ ඩොලර් මිලියන 480 ක් අපට නොමිලේ ලැබෙනවා. එය ලැබෙන්නේ මේ රටේ බස්රථ සේවය විධිමත් කරන්න. නිවසේ තිබෙන පරිගනකයෙන් මේ රටේ සියලූ බස්රථ, දුම්රිය ඌබර් සේවය මෙන් විධිමත් කරන වැඩපිළිවලක් එමගින් ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව නෙමෙයි. එක රටකටවත් අපි යට වෙන්නේ නැහැ.” යැයි මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.




