කොහුවල, වත්තල සහ ඇල්පිටිය යන ප්‍රදේශවල වෙඩි තබා මනුෂ්‍ය ඝාතන 03ක් සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු මිරිහාන කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 29 හැවිරිදි යුධ හමුදාවෙන් පලා ගිය සෙබලෙකු වන අතර ඔහු අදාළ ප්‍රදේශවල සිදු කළ ඝාතනවල ප්‍රධාන වෙඩික්කරු බවට ද අනාවරණය වී තිබේ.
එහිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 220ක්, ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



