ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරන විට පාලකයින් එම ජනතා හඬට සවන් දිය යුතු බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ රතුපස්වල නගරයේ පැවති ජන හමුවට ඊයේ (02) එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.
“ජනතාව පාරට බැහැලා බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන විට පාලකයින් එම ජනතා හඬට සවන් දිය යුතුයි. ජනතාවගේ උද්ඝෝෂණවලට හේතුව සොයාබලා ඊට සාධාරණ විසදුම් ලබා දිය යුතුයි. සංවේදී නායකයෙකු හැසිරිය යුත්තේ එලෙසයි.
බල උන්මාදයෙන් මත්වී හැමදාම බලයේ සිටිනවා යනවැරදි මතයක සිටින මෙම පුද්ගලයින් පොදු ජන හඬට සවන් නොදී මර්දනකාරී ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාව මර්දනය කළා.
රටේ බලය කාට හරි දෙනවිට ඔහු ජනතාවට ඇහුම්කන් දෙන පාලකයෙක්ද, ප්රජාතන්ත්රවාදී අයිතිය සුරකින අයෙක්ද, ජනතාවගේ දුක අවබෝධකරගෙන ජනතා ගැටළුවලට විසදුම් ලබා දෙන අයෙක්ද කියා හොඳින් සොයා බලා තීරණ ගත යුතුයි.
කිසිම පුද්ගලයෙකුව මරන්න, කපන්න, වෙඩි තියන්න කියා නියෝග ලබා දෙන්න පාලකයින්ට අයිතියක් නැහැ. අද පොදු ජනතාව අතරට එන්නේ එදා එසේ හැසිරුනු අවතාරයමයි. තමන් නිර්මාණය කරන්නේ මනුෂ්‍යකම අගයන, මිනිස් ජීවිත වලට උසස් තැනක්ලබා දෙන රජයක්.
මානව, සිවිල් සහ ආර්ථික අයිතීන් මෙන්ම ජීවත් වීමේ අයිතිය රැකගිනිමින් මිනිස් ඝාතන සිදු කරන අයට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමටඅවශ්ය නීතිමය ප්‍රතිපාදන අප ගෙන එනවා”



