ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින එම්.කේ.ශිවාජිලිංගම් මහතා තම පක්ෂයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බවට ඉල්ලා අද (03) තමා වෙත අස්වීමේ ලිපියක් භාරදුන් බව ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
අඩෙක්කලනාදන් මහතා පැවසුවේ පක්ෂ ප්‍රතිපත්ති හා පක්ෂ තීරණයට විරුද්ධව යමින් ශිවාජිලිංගම් මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂයේ විනය මණ්ඩලය විසින් කරුණු ඉදිරිපත් කරන ලෙසට ශිවාජිලිංගම් මහතා වෙත කාලය ලබා දුන්බවයි.
පක්ෂයේ විනය මණ්ඩලයේ තීරණය අනුව අද දිනයේදී හෙතෙම පක්ෂය වෙත කරුණු ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටි බවත්, අදාළ ඉල්ලීමට අනුව තමා පක්ෂයෙන් ඉල්ලා අස්වන බවට ශිවාජිලිංගම් මහතා අද උදැසන තමාට හා තම පක්ෂයේ ලේකම්වරයා වෙත දැනුම්දුන් බවත අඩෙක්කලනාදන් මහතා ප්‍රකාශ කර ඇත.
ශිවාජිලිංගම් මහතා ටෙලෝ පක්ෂය නියෝජනය කරන අතර, හෙතෙම ටෙලෝ පක්ෂයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කරනු ලැබීය.



