දෘශ්‍යාබාධිත ඡන්ද දායකයන්ගේ ඡන්දයටද වටිනාකමක් ලබාදෙන්න – Paffrel

Share

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපති ධූර අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ මේ වන විට සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර ඇති බව පැෆ්රල් සංවිදානය පවසයි.

එමෙන්ම පූර්ව මැතිවරණ කාලසීමාව තුළ තම දැක්ම බහුතර ජනතාව අතර තහවුරු කිරීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින බව පෙනීයන බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

සමස්තයක් ලෙස බැලූ කල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සියල්ල රාජ්‍ය භාෂා වන සිංහල හා දෙමළ භාෂා වලින් ඉදිරිපත් කර ඇති බව එහි සඳහන් වේ.

නමුත් මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සංඛ්‍යාවෙන් මිලියන 1.5 ක් වන විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුකර ඇති බවක් පෙන්නුම් නොකර බව එම සංවිදානය අවධාරණය කර ඇත.

මෙම විශේෂ අවශ්‍යතා සහිත ජනතාව අතරින් ලක්ෂ 2 – 3 අතර ප්‍රමාණයක් දෘශ්‍යාබාධිත ජනතාවක් වන බව බවුන් පෙන්වා දෙයි.

දේශපාලන පක්ෂ සහ ජනාධිපති අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති සහ අනාගත වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනයාමේදී එතරම් දුරට මෙම විශේෂ අවශ්‍යතා සහිත ජනතාව මෙම ක්‍රියාවලියට සහභාගී කරවාගැනීමට සහ ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බව ඔවුන් පවසයි.

එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී සෑම ඡන්දයක්ම තීරණාත්මක වනු ඇති බවත් ලක්ෂ තුනක ඡන්ද ප්‍රමාණයක් පක්ෂයක ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෘශ්‍යාබාධිත පිරිසට පරිශීලයට කිරීමට හැකිවන පරිදි අවම වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන වල හරය ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි හඬකැවීමට ලක්කර ඒවා දෘශ්‍යාබාධිත සංගමයට වෙත එවන ලෙස තම සංගමය ඉල්ලා සිටින බවද පැෆ්රල් සංවිදානය පවසයි.

එමෙන්ම ඒවා අවශ්‍ය ජනතාවට ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි අන්තර්ජාලයට එකතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.

දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයෙකු ලෙස එසේ කරනු ලැබුවහොත් දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි සමාන වටිනාකමක් ලබාදුන් මහජන නියෝජිතයෙක් වනු ඇති අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී පහසුවක් වනු ඇති බවද එම සංවිදානය පවසයි.

Read more

Local News