2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිලධාරින්හට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (04) සහ හෙට (05) යන දිනයන් වෙන් කර තිබේ.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 31 වනදායින් ආරම්භ විය.
ඒ අනුව පසුගිය 31 සහ 01 වනදා යන දිනයන්හි රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමිවන්ට හට තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමි වුණි.
අදාල දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.



