පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ-නුවර මාර්ගයේ 4 කණුව අසල පදික මාරුවේ දී කොළඹ සිට නුවර දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වු මැදවත්ත, ඇල්කඩුව වත්ත, ඇලගල්කඩුව යන ලිපිනයේ පදිංචි රාමසාමි සිවකෝලන් නැමැති අයෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



