කහතුඩුව පාලම අසලදී හා තිබ්බටුවාව ආරණ්‍ය අසල දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
ඊයේ (03) දින සිදුකල මෙම සෝදිසියේ දී පිස්තෝල අවියක්, රිවෝල්වර් වර්ගයේ අවියක් හා මිලිමීටර් 9 උණ්ඩ 7 ක් සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
තවද එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් හා ඩිජිටල් වර්ගයේ කිරුම් මිනුම් උපකරණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ක් හා 35 ක් වු හොරන්ගල්ල, තල්ගස්වල හා නියාගම, තල්ගස්වල යන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.
සැකකරු අද (04) දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



