හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කූරුඳුවත්ත පොලිසිය විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය එලඹෙන වසරේ පෙබරවාරි මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරේහිව මෙම චෝදනා ගොනුකර තිබේ.
මෙම නඩුව අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරි කැඳවනු ලැබුවේය. එහිදී නඩුවේ සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව නඩු විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කළේය.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන රොජර් සෙනෙවිරත්න හා පියසිරි විජේනායක යන අය නම් කර තිබේ.
ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටියි.




