ඉන්දියාවේ වායු දුෂණය ඉහලට

Share

ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය හේතුවෙන් නව දිල්ලි අගනුවර මේ වන විට වායු ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහල ගොස් තිබෙන බව වාර්තා වෙයි.

විශේෂයෙන්ම මේ හේතුවෙන් අගනුවර ආශ්‍රිත ජනතාගේ දෛනික ජිවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ආශ්‍රිත සියලු පාසල් වසා දමා තිබෙන අතර මාර්ග කිහිපයක්ද ගුවන් වාර බොහොමයක්ද එම ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් මෙලෙස වසා දමා තිබේ.

මේ හේතුවෙන් යම්තාක් දුරටවත් තත්වය පහව යන තෙක් එරට රජය පවසන්නේ ජනතාවට බොහෝ දුරට නිවෙස් වලට වී රැදී සිටින ලෙසටයි.

Read more

Local News