නීති විරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කටුනායකදී රේගු භාරයට පත්ව තිබේ.
ගුවන්තොටුපල රේගුව පැවසුවේ ඔවුන් සතුව තිබී හමුවූ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 41කට අධික බවයි.
අද (05) පෙරවරුවේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙම සැකකරුවන් දෙදෙනා පැමිණ තිබු අතර ඔවුන් සිය ගමන්මළු තුළ සඟවා මෙම දුම්වැටි රැගෙනවිත් ඇත.
සැකකරුවන් සතුව තිබී විදේශිය දුම්වැටි කාටුන් 279ක් හා ඇසුරුම් 673ක් හමුව තිබේ.



