ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නැමැති කණ්ඩායම විසින් අද (05) විශේෂ සමුළුවක් කැඳවා තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී අද පස්වරුවේ එය පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ අනුසාශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම සමුළුවේ මූලිකත්වය ගන්නා බව වාර්තා වෙයි.
කෙසේවුව ද එම සමුළුව සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (04) සදහන් කර තිබුණි.



