මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ඊයේ (04) දින සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවවෙකු වු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සැකකරු අද (05) අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



