බොරලැස්ගමුව ප්‍රදේශයේ මත්පැන් හලකට පැමිණි පුද්ගලයෙකු පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදී මත්පැන් ලබා ගැනීමට තැත් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් 5000සේ නෝට්ටු 3ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අදාළ ව්යාජමුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද ස්ථානය වටලා තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
එහිදි ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 07ක්, ලැප් ටොප් පරිගණයක් සහ ස්කෑන් මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, ගනේමුල්ල,පවීරකැටිය, පැල්ලම්පල සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් අද (05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



