දකුණේ වෛද්‍ය සේවා හදිසි වැඩවර්ජනයක

Share

සාකච්ඡාමය එකඟතාවයන් ක්‍රියාත්මක නොකිරීම සහ හම්බන්තොට රෝහල තුල පැන නැඟී ඇති ගැටළුව හේතුවෙන් පසුගිය 30වන දින සංකේතාත්මකව සිදු කළ වර්ජනයට අදාලව මේ වන තුරු විසඳුම් ලැබී නොමැති බව පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිසා ඊට එරෙහිව සැළසුම් කළ පරිදි අද (05) සිට දකුණු පළාතේ සියළු රෝහල්, සෞඛ්‍ය ආයතන හා මහජන සෞඛ්‍ය අංශයන්හීත් හෙට (06) සිට එකී සියළු අංශ දීප ව්‍යාප්ත වර්ජනයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව කණගාටුවෙන් දැනුම් දෙන බවද ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

Read more

Local News