මස්කෙලිය සිට හැටන් හරහා වටවල රොසැල්ල දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු මොටර් රථයක ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.
යතුරුපැදිකරු මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (05) උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය කර ඇති යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් මගින් බැස්සවිම සදහා නතර කර තිබෙන අවස්තාවේ අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය බස් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ඉදිරියෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වු මොටර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.



