නාවික හමුදාව විසින් අද (05) උඩප්පු මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්රෑම් 600 කට ආසන්න ප්රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
ඒ අනුව, වයඹ නාවික විධානය විසින් පුත්තලම, උඩප්පු මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්රාවක් නිරික්ෂණය කර ඇත. එය පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම බීඩී කොළ තොගය සොයාගෙන ඇත.
මෙලෙස සොයා ගන්නා ලද බීඩි කොළ තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සහ ඩිංගි යත්රාවක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 31 වන වියෙහි පසුවන පුල්මුඩේ සහ කන්දක්කුලිය යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, බීඩිකොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.



