වැල්ලවාය, තණමල්විල ප්රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්රදේශයේ දී අද (05) පස්වරුවේ පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස් දෙනෙකු තුවාල ලබා තිබේ.
මාතර සිට මොණරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වෙයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගස් විසිනව දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු බව තණමල්විල පොලීසිය පවසයි.
තුවාලකරුවන් තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඉන් හත් දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය මහා රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.



