අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ උපවාසය අවසන් කර තිබේ.
ඒ අග්‍රාමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිධුර අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගෙන් ලිපි තුනක් ලැබීමෙන් අනතුරුවයි.
මෙම ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් වූ ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් සිය මාරාන්තික උපවාසය අඛණ්ඩව සිදුකරන බව කාශ්‍යප හිමියන් පැවසුවේය.





