සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු තම පාලන කාලය තුළදීම ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) කඩුගන්නාවේ පැවති ජනරැලියක් අමතමින්ය.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකාර්මාන්තය සහ වැවිලි කර්මාන්තය පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇති බවත්, විශාල විදේශ විනිමක් රටට ගෙන තේ, පොල්, රබර් යන වැවිලි බෝග සියල්ලම අද වන විට කඩා වැටී ඇති බව ඒ මහතා පැවසීය.
සිය ප්‍රතිපත්තිය යටතේ කෘෂිකර්මය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් යොදා ඇති බව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටක් පැවසීය.



