මුහුදු කූඩැල්ලන් සමඟ පහක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් ඊයේ (05) සිලාවතුර, කොක්කුපඩයාන් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී තහනම් කිමිඳුම් උපකරණ සහ කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් පස්දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මුහුදු කූඩැල්ලන් 56 ක් සහ කිමිදුම් ආම්පන්න කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 38 ත් අතර වියෙහි පසුවන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News