කොම්පඤ්ඤ වීදියේ නිවසක් තුළ ඝාතනයක්

Share

කොළඹ කොම්පඤ්ඤ වීදියේ නිවසක් තුළ ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙක් පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.‍

මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 අංකයට ලස ඇමතුමක් මත පොලීසිය වහාම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වු අංක 80/5, දෙවන පටුමඟ, අතුරුගිරිය පාර, හෝමාගම යන ලිපිනයේ පදිංචි ගලබඩආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා යන අයයි.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව සැකකරු හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Read more

Local News