අපට අවශ්‍ය සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කිරීමයි – රවී

Share

අපට අවශ්‍ය වන්නේ, අන්තවාදය පරාජය කරලා, සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කිරීම බව එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම රටේ තරුණ ප්‍රජාවගේ රැකියා ප්‍රශ්නය විසදිය යුතුයි. ඔවුන්ගේ හැකියාවට රැකිවක් ලබාදිලා, රටේ සංවර්ධනයට ඔවුන් දායක කරගත යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (05) මඩකලපුව ප්‍රදේශයේ පැවති, ජනපති ජය තහවුරු කිරීමේ ජනතා රැලියකට සහභාගි වෙමිනි.

මේ ප්‍රදේශයේ පැවතුන කඩදාසි කර්මාන්තය, කිරි කර්මාන්තය මෙන් වරාය පහසුකම් මේ ප්‍රදේශයේ නැවත ස්ථාපිත කර, ඒ තුළින් ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු යුතුයි. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසේ 16 දා හංසයා ඉදිරියේ තම ඡන්දය ප්‍රකාශ කරලා, නැවතත් අපට වරමක් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News