යෞවන ඔලිම්පියාඩ් තරඟය ජය ගත් පසිදු සිසුවා ජනපතිගේ ඇගයීමට

Share

“මදුරුවන් බෝ නොවන ආහාර බදුන්” නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහදෙනා අතරට තේරිපත්වූ ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

නිර්මාණශිලිත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් ගෝලීය නායකත්වය පෝෂණය කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟය පසුගිය ඔක්තෝබර් 05 සහ 06 දිනවල කොරියාවේ සෝල් නුවරදී පැවත්වුණු අතර රටවල් 37 ක් නියෝජනය කරමින් නිර්මාණකරුවන් 400කට අධික පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

එහිදී හොඳම නව නිපැයුම් කරුවන් දහදෙනා අතරට තේරිපත් වෙමින් විශේෂ සම්මානයක් සහිත රන් පදක්කමක් දිනාගැනීමට පසිදු මිහිරාන් සිසුවා සමත්වූ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව පරිගණකයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.

Read more

Local News