චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි.
ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරන අතර පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ විරෝධතාවලින් මියගිය පිරිස 18 ඉක්මවා තිබේ.
මීට අමතරව 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයේ පසුවන බව සඳහන් වෙයි.
සති ගණානාවක් පුරාවට පැවැති විරෝධතාවලදි චිලී ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




