දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, බස්නාහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
උතුරු, උතුරු-මැද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවලමීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



