SB ගේ ආරක්ෂකයින් දෙදෙනො අත්අඩංගුවට

Share

ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී 07.30ට පමණ එස්.බී දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිළධාරින් වෙඩි තැබීමක් සිදු කළේය.

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කරවනැල්ල රෝහලේ සහ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

ගිනිගත්හේන පොලීසිය විසින් අදාල නිලධාරින් දෙදෙනා වෙඩි තැබීම සිදු කළ පිස්තෝල දෙක සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මෙම වෙඩි තැබිමේ සිද්ධිය දේශපාලන සිදුවිමක් නොවන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

Read more

Local News