කොම්පඤ්ඤවිදිය, ධර්මපාල මාවත ප්රදේශයේ නිවසක සිදු වූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
පසුගිය 05 වනදා රාත්රීයේ තියුණු ආයුධයකින් පහරදී 49 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
කොම්පඤ්ඤවිදීය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



