නාවික හමුදාව විසින් මන්නාරම, පෙරියකරසාල් ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලිග්රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්රෑම් 2910 ක් ළඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, පෙරියකරසාල් ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයන් පස් දෙනෙකු නිරික්ෂණය කර තිබේ.
ඔවුන් පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් සහ කේරළ ගංජා ප්රමාණය සොයා ගැනීමට සමත්ව ඇත.
එහිදී මෙම සැකකරුවන් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26 ත් 39 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තලෙයිමන්නාරම, පේසාලේ සහ කල්පිටිය යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, හෙරොයින් සහ කේරළ ගංජා ප්රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.




