යාපනය – නල්ලූර් ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකු ගෙල වැළලා ගෙන මිය ගොස් තිබේ.
වහලයක ගැට ගැසූ ලණුවක් ආධාරයෙන් ගෙල වැළලා ගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වු නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අයෙකි.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



